Dudley Senanayake
ඩඩ්ලි සේනානායක (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක) 1911 ජුනි 19 වෙනිදින මොලි දුනුවිල මවටත් ඩී.එස්. සේනානායක පියාටත් දාව පවුලේ වැඩිමහල් පුතු ලෙස උපන්නේය. ඩඩ්ලි සේනානායක එතුමාගේ ද්විතික අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත්තේය. එහිදි ඩඩ්ලි සේනානායක අධ්‍යාපනයට මෙන්ම ක්‍රිඩාවටද එක ලෙසින් දක්ෂකම් දැක්වීය.
සිය පියාණන්ගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසෙන ලෙස ඥතීන්
පවුලේ හිතවතුන් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලාද ඉල්ලා සිටි
නමුත් ඊට ද ඔහු සතුටුදායක ප්‍රතිචාරයක් ඔහු දැක්වීය.
එහෙත් වරින්වර ඉදිරිපත් වූ එම ඉල්ලීමට පසුව එකඟවීමට ඔහුට සිදු
විය. ඒ අනුව 24 හැවිරිදි වියේදී එනම් 1936 වසරේදී හා
පුරා කියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දැදිගම අසුන සඳහා තරග කොට
එවකට සිටි පළපුරුදු දේශපාලනඥයකු වූ ඇන්. එච්. කීර්තිරත්න මහතා
පරදවා වැඩි ඡන්ද 8299 කින් රාජ්‍ය මන්ත්‍රී වරයකු වශයෙන් තේරී
පත්විය.
සිය යොවුන් වියේදීම ලංකා ජාතික සංගමයට එක්වූ ඔහු එහි ඉතා ක්‍රියාකාරී සාමාජිකයකු විය. 1939 දී ජාතික සංගමයේ සමලේකම් ධුරයකට පත්වූයේ එවකට තවත් ජනප්‍රිය තරුණ නායකයෙකුව සිටි ඡේ. ආර්. ජයවර්ධන මහතා සමගිනි. 1947 සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශය අනුව බිහිවූ ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දැදිගම අසුන තරග කොට වාර්තා ගත වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජය ලබා සිය පියාණන්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ නිදහස් ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයට පත්විය. කෘෂිකර්මයට අදාළ පොත්පත් රාශියක් කියවීමෙන් හා කරුණු සොයා දැකගැනීමේ විශාල දැනුම් සම්භාරයක් රැස්කර ගැනීමට සමත්වූ ඔහුට දක්ෂ කෘෂිකර්ම ඇමැති වරයකු වීමට වැඩි කළක් ගත නොවීය. ගල්ඔය ගොවිජනපද ව්‍යාපාරය ඇරැඹීමෙහිලා එතුමාගෙන් සිදු වූයේ ඉතා උසස් මෙහෙවරකි.

ශ්‍රී ලංකාවේ දෙවන අග්රාමාත්යවයායි. (1952 මාර්තු 26
සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින් (1960 මාර්තු 21) සහ
(1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය. 1973 අප්‍රේල් 13 දින මෙතුමා ජිවිතයෙන් සමුගන්නා ලදි.
No comments:
Post a Comment