Tuesday, August 29, 2017

ඩී.එස් සේනානායක (D.S.Senanayake)

ඩී.එස් සේනානායක (D.S.Senanayake) 

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා වන ඩී.එස් සේනානායක මහතා 1884 වර්ෂයේ ඔක්තෝම්බර් 20 දා උපත ලැබූ අතර, කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයෙන් අටවන වසර දක්වා අධ්‍යාපනය හදාරන ලදි. ඉන් පසු මිනින්දෝරු කාර්යාලයක රැකියාවක් කළ ඒ මහතා 1910 දී මොලී දුනුවිල මෙනෙවිය සමඟ විවාහයෙන් සේනානායක මහතා පුතුන් දෙදෙනකුගේ පියකු බවට පත් විය.


දේශපාලනයට මහත් උනන්දුවක් දැක්වූ ඩී.ඇස්.සේනානායක මහතා,ඇෆ්.ආර්. සේනානායක ආදී ඔහුගේ සොහොයුරන්ගේ දේශපාලන කටයුතු වලට හවුල් විය. එතුමා 1912 දී ඉංශ්‍රිසින්ගේ මද්‍ය ව්‍යාපාරයට විරුද්ධව ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කිරීමට දායක වෙමින් සිංහල ජාතිය මත් විපතින් ගලවා ගැනීමට ක්‍රියා කරන ලදි.

1919 දී ලංකා ජාතික සංගමයට දායක වු එතුමා 1924 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මීගමු නියෝජිතයා වශයෙන් තේරී පත් විය. 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පැවති මැතිවරණයෙන්ද ජය ලැබු මෙතුමා රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් 1934 දී මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. 1936 දී මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ අතර සභානායක ධුරය මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ උප සභාපති ධුරයද ඔහුට හිමිවිය. 

1943 දී ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස් වූ මෙතුමා 1946 දී  එක්සත් ජාතික පක්ෂය නමින් අළුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් අතර, 1947 දී පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය. 1948 පෙබරවාරි මස 04 වැනිදා අප රටට නිදහසා ලබා ගැනීමේ කාර්තව්‍යෙයහි ද ප්‍රධාන කාර්යභාරයක් මෙතුමා විසින් ඉටුකරන ලදී.

 නිදහස ලැබීමෙන් පසු දේශය නැවත නඟා සිටුවීම උදෙසා සේනානායක මහතා අතින් ඉටු වූ සේවය මහත් වැදගත්ය.ඒ අතරින් 1949 දී අනුරාධපුර නව නගරයක් කිරීමේ කටයුතු ආරම්භ කිරීම, 1941 දී මහියංගන මහා සෑයේ ප්‍රතිසංස්කර කටයුතු ඇරඹීම හා සේනානායක සමුද්‍රෙය් වැඩ ආරම්භ කිරීමද මේ අතරින් ප්‍රධානය. එසේම ලක්දිව කෘෂිකර්මන්තය නඟා සිටුවීම සඳහා ද මෙතුමා කැපවීමෙන් ක්‍රියා කළේය.

1950 බ්‍රිතාන්‍යෙය් රජුගෙන් ‘මහාමාත්‍ය‘ යන ගරු නාමය ලැබු මෙතුමා ලක්දිව ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් රටට විශාල සේවයක් ඉටුකරමින් දේශිය සංස්කෘතිය නඟා සිටුවාලීමට විශාල මෙහෙයක් කළ අතර, 1952 වර්ෂයේ මාර්තු 22 වැනි දින අසු පිටින් වැටී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් ජාතියෙන් සදහටම සමුගත්තේය. 

3 comments: