Thursday, September 14, 2017

ඩඩ්ලි සේනානායක (Dudley Senanayake)


Dudley Senanayake

  Dudley Senanayake

  ඩඩ්ලි සේනානායක (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක)  1911 ජුනි 19 වෙනිදින මොලි දුනුවිල මවටත් ඩී.එස්. සේනානායක පියාටත් දාව පවුලේ වැඩිමහල් පුතු ලෙස උපන්නේය. ඩඩ්ලි සේනානායක එතුමාගේ ද්විතික අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත්තේය. එහිදි ඩඩ්ලි සේනානායක අධ්‍යාපනයට මෙන්ම ක්‍රිඩාවටද එක ලෙසින් දක්ෂකම් දැක්වීය.

 සිය පියාණන්ගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසෙන ලෙස ඥතීන් පවුලේ හිතවතුන් මෙන්ම බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාද ඉල්ලා සිටි නමුත් ඊට ද ඔහු සතුටුදායක ප්‍රතිචාරයක්‌ ඔහු දැක්‌වීය. එහෙත් වරින්වර ඉදිරිපත් වූ එම ඉල්ලීමට පසුව එකඟවීමට ඔහුට සිදු විය. ඒ අනුව 24 හැවිරිදි වියේදී  එනම් 1936 වසරේදී හා පුරා කියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දැදිගම අසුන සඳහා තරග කොට එවකට සිටි පළපුරුදු දේශපාලනඥයකු වූ ඇන්. එච්. කීර්තිරත්න මහතා පරදවා වැඩි ඡන්ද 8299 කින් රාජ්‍ය මන්ත්‍රී වරයකු වශයෙන් තේරී පත්විය.

සිය යොවුන් වියේදීම ලංකා ජාතික සංගමයට එක්‌වූ ඔහු එහි ඉතා ක්‍රියාකාරී සාමාජිකයකු විය. 1939 දී ජාතික සංගමයේ සමලේකම් ධුරයකට පත්වූයේ එවකට තවත් ජනප්‍රිය තරුණ නායකයෙකුව සිටි ඡේ. ආර්. ජයවර්ධන මහතා සමගිනි. 1947 සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශය අනුව බිහිවූ ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ දැදිගම අසුන තරග කොට වාර්තා ගත වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජය ලබා සිය පියාණන්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ නිදහස්‌ ලංකාවේ ප්‍රථම කැබිනට්‌ මණ්‌ඩලයේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයට පත්විය. කෘෂිකර්මයට අදාළ පොත්පත් රාශියක්‌ කියවීමෙන් හා කරුණු සොයා දැකගැනීමේ විශාල දැනුම් සම්භාරයක්‌ රැස්‌කර ගැනීමට සමත්වූ ඔහුට දක්‍ෂ කෘෂිකර්ම ඇමැති වරයකු වීමට වැඩි කළක්‌ ගත නොවීය. ගල්ඔය ගොවිජනපද ව්‍යාපාරය ඇරැඹීමෙහිලා එතුමාගෙන් සිදු වූයේ ඉතා උසස්‌ මෙහෙවරකි.

 ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවයායි. (1952 මාර්තු 26 සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින් (1960 මාර්තු 21) සහ (1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය. 1973 අප්‍රේල් 13 දින මෙතුමා ජිවිතයෙන් සමුගන්නා ලදි.

Saturday, September 2, 2017

පිලිප් ගුණවර්ධන (Philip Gunawardhana)

Philip Gunawardhana

Philip Gunawardhana

කලුඅග්ගල පන්සලේ හාමුදුරුවන්ගෙන් අත්පොත තැබු කුඩා පිලිප් ගුණවර්ධන ප්‍රාථමික අධ්‍යාපනය තම පියා විසින්ම තනවන ලද කලුඅග්ගල සිද්ධාර්ථ බෞද්ධ මිශ්‍ර පාසැලෙන් ලබාගත්තේය. ඉන්පසු වේල්ස් කුමාර විදුහලටද වැඩිපදුර අධ්‍යපනය සඳහා කොළඹ ආනන්ද මහා විද්‍යාලයටද ඇතුලු විය. මේ කාලයේදී රුසියාවේ ඔක්තෝබර් විප්ලවය සිදුවුණු කාලයයි. 1922 දී ඔහු ඇමරිකාවට යාමත් එතැනින් එංගලන්තයටත් පිටත් විය. එහිදි මුලින්ම “සමාජ වාදය“ පැතිරි නව මත සමුදායට අධ්‍යනයය කිරීමේ අවස්ථාවට මග පෑදිණි. 
 
1932 නොවැම්බර් 1 වන දින පිලිප් ගුණවර්ධන ලංකාවට පැමිණියේය. එකල ඔහුට ලාංකීය සමාජය අනුව එය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුව පැවති බවට ඔහුට හැඟුණේය. ලංකාවට පැමිණිමෙන් පසුව ඔහු විසින් පවත්වන ලද ප්‍රථම දේශනය නම්කර තිබුනේ “පිටරට සමාජවාදය“ යන්නයි. එය පැවැත්වූයේ කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදීය. 1935 වසරේදී පිලිප් ගුණවර්ධන ඇතුළු තරුණ කණ්ඩායම විසින් ලංකා සම සමාජ පක්ෂය පිහිටුවන ලදි. පසුව 1937 දී දෙවැනි රාජ්‍ය මණ්ත්‍රන සභා මැතිවරණයේද අවිස්සාවේල්ල මන්ත්‍රීවරයා වශයෙන් පිලිප් ගුණවර්ධනයන් තෝරා පත්කර ගත්තේය.
1940 ජුනි 18 වනදා ඉංග්‍රිසි ආණ්ඩුව විසින් සම සමාජ පක්ෂය තහනම් කරන ලදි. පිලිප් ගුණවර්ධන ඇතුලු කණඩායාම බෝගම්බර සිර කරනු ලැබීය. පසුව 1942 අප්‍රියෙල් 7 වනදා උපක්‍රමශීලි ලෙස ඔවුහු සිරගෙදරින් පැන ගියහ. ඉන්පසු පිලිප් ගුණවර්ධන ඇතුළු පිරිසි දුටු තැන ඇල්ලීමට වරෙන්තු නිකුත් කරන ලදි. පසුව ඔහු ඉන්දියාව බලා ගියේය.

සමස්ථ ලංකා ගොවි සම්මේලනය නම් ගොවි සංවිධානයක් ආරම්භ කිරිමට දිරිදුන් පිලිප් ගුණවර්ධන ගොවි ජනයා අවදි කොට බලවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඉන්පසු ශ්‍රි ලංකාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂය ලංකා සම සම සමාජ පක්ෂය විය.

නිර්මාණ
  • සීතාවක උරුමය (ග්‍රන්ථ)
  • පාර්ලිමේන්තු ක්‍රමයද ? සමාජවාදයද ? (1970)
පිලිප් ගුණවර්ධනයන්ගෙන් සිදුවු සේවාවන් කිහිපයක්
  1. 1958 ජුලි 1 වනදා වරාය ජනසතු කිරීම හෙවත් වරාය සංයුක්ත මණ්ඩලය නමින් මණඩලයක් පිහිටුවන ලදි.
  2. 1958 ජනවාරි 1 වනදා බස් ජනසතු කිරීම.
  3. මහජන බැංකුව පිහිටුවීම
  4. කුබුරු පණත ගෙන ඒම
  5. විද්‍යාලංකාර පිරිවෙන නඟා සිටුවීමට ක්‍රියා කිරිම

සිරිමාවෝ බණ්ඩාරනායක(Sirimavo Bandaranayake)


Sirimavo Bandaranayake

 Sirimavo Bandaranayake


ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි)  නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාවයි.  1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වල ශ්‍රි ලංකාවේ තෙවරක් අග‍්‍රාමත්‍ය පදවියට පත්වු ඇය අග්‍රාමාත්‍ය සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ වු ඇය ශ්‍රි ලංකාවේ තුන්වන විධායක ජනධිපති පදවියට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මවයි. දේශපානඥ අනුර බණ්ඩාරනායක සහ සමාජ සේවිකාවක් වන සුනේත‍්‍ර බණ්ඩාරනායක ඇයගේ අනෙක් දරු දෙපළයි.

1916 අප්‍රේල් 17 වන දින රත්වත්ත රදල පවුලක උපත ලද සිරිමාවෝ අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙනි. 1940 දී ඇය සොලමන් බණ්ඩාරනායක සමඟ විවාපත් විය.

 සොලමන් බණ්ඩාරණයකගේ අභාවයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය හෙඹවුවාය. 1777 දී තම පක්‍ෂය ලැබු මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය. ඇගේ පාලන සමයේදී ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදුවිය. සියළු රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීමත් ඒ සමඟම පැන නැඟුණ දෙමළ සුළු ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකකි. ලංකා සම සමාජ පක්‍ෂයන් සමඟ සන්ධානාගත වීම, චීනය සහ සෝවියටි රුසියාව අතර සම්බන්ධතා තර කිරීමද ඒ අතර ප්‍රධානය.

1971 ජවිපෙ කැරැල්ල මතුවුයේද මෙම අවධියේදීමය. ඇගේ දෙවන ධුර කාලයේදී දෙවන එලිසබෙත් රැජින ලංකා රජ තනතුරෙන් පහකර රට ජනරජයක් බවට පත්කර රටේ ලංකා නාමය ශ්‍රි ලංකාව ලෙස වෙනස්කෙරිනි.